Friday, January 12, 2018

කුරුලු කූඩුව

              පිස්සිට නම් දැන් හරිම සතුටුයි.මොකෝ දන්නව ද?මේ ළඟ දි ,අපේ රටේ ලොකු පුටුවල ඉන්න,මත් රකුසා අපේ රටින් පන්නමු කියලා කෑගහන බඩ තඩි උදවිය ඊයේ පෙරේදා අපි වගේ තැබෑරුම්කාරයන්ට මාර ම සතුටු හිතෙන,ලොකූ උදව්වක් කළානෙ.දැන් ඉතිං මේ පිස්සි උදේ රැයින්ම තැබෑරුම ඇරලා ආයෙ රෑ 10 වෙනකන් වහන්නෙම නෑ.ඕන් ඉතිං දැන් කට්ටියම උදෙන් ම නැගිටලා,දත කට මැදලා පිස්සිගෙ තැබෑරුමට එන්න ඕනා මොළය වෙරි වෙන්න අඩියක් ගහන්න.හා ඒ කතාව ඇති.දැන් තියෙන්නෙ වෙනම කතාවක්.මං දැන් මෙහෙම හිටියට ඉස්සර ඉස්කෝලෙත් ගිහින් තියෙනවනේ.ආන් ඒ කාලේ පිස්සිට සිද්ධ වුණා අර පද්‍ය රචනා කියලා කියන්නේ,ආන් එහෙම එකකට කවි හිත අවදි කරගන්න.ඉතිං පිස්සිත් දීලා තිබුණු මාතෘකාවලින් එකකට මේන් මෙහෙම ලිව්වා.
                
                හදපන් කුරුලු කූඩුව ඇන්ටනාවේ..

                     සහසකර කුමරු විකසිත වන 
                     අයුරු දකුමට,
                     පිය නැඟිමි මතුමහල් තලයට..
                     එනමුඳු,
                     වැඩ සිටියෙ සුරමඟ අරා
                     විසල් වූ ගොඩනැඟිලි ම ය..
                     හැරුණු විට ආපසු ,
                     විසිත සළුපිළිවලින් සැරසුණු
                     සියොත් යුවළක්
                     වෙත්පත් ව විමසුවා,
                     අපූරු පැණයක්..
                    " ගියෙමු නගරය සිසාරා අපි 
                      වනස්පති රජිඳෙකු සොයන්නට
                      ඒත් තිබුණේ නෑ වැලක්වත්
                      තනා ගැනුමට අපේ නිවහන
                      සෙනෙහෙ උතුරන මගේ බිරිඳට
                      අසීරුයි දැන් පියාසරණට
                      ඇඟිලි ගනිමින් ඉන්නෙ ඇය දැන්
                      උතුම් මව් පදවිය ලබන්නට
                      නසා අප බිම්
                      ඔබේ වරිගය
                      කළේ මේ සා විපත් අපහට
                      අනේ පින් ඇති මිනිස් දියණිය
                      සතුට,සෙනෙහස,සැපත රජයන
                      ඉසුරුපිරි නිවහනක් තැනුමට
                      ඉඩක් අපහට සොයා දෙනවද?"
                      මුකුලිත ව ගිය විහඟ නෙත් දෙස
                      බලා සිට විළිබර ඇසින්
                      සිසාරා මම හාත්පස දෙස
                      සුරත දිගුකර වහළෙ කොනකට
                     කීමි වදනින් වදන ගළපා
                     "හදපන් කුරුලු කූඩුව ඇන්ටනාවේ"
 

                                 

41 comments:

  1. හරි ලස්සනයි ...... දුලී

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සුජී ..

      Delete
  2. Replies
    1. බොහොම ස්තූතියි සඳූ..

      Delete
  3. අගෙයි අගෙයි 😍👌

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ජැනී..❤

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. Good work keep going. All the best.

    ReplyDelete
  8. සුපිරියි දුලී.. හිතට දැනෙන්න ලියලා තියනවා.. දිගින් දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. දිරිගැන්වීමට හා අගය කිරීමට බොහොමත් ම ස්තූතියි අක්කේ..

      Delete
  9. kavi liyanna puluwan eke liyala fb daapanko...

    ReplyDelete
    Replies
    1. Bohoma sthuthi..aniwaryen idiriyedi balaporoththu wanna..😊

      Delete

මොනාලිසාගෙන් පැණයක්..

ජීවත් වෙලා ඉන්න අපිට විතර ද ප්‍රශ්න තියෙන්නෙ?මැරුණු අයට,කලාකෘතිවලට ප්‍රශ්න නැද්ද? මොනාලිසා කියන කෙනාටත් ඒ වගේ ප්‍රශ්න නැති වෙන්න බෑනෙ.අව...