Tuesday, January 16, 2018

එලොවටත් නැති,මෙලොවටත් නැති ජනෙල් ෆෝන්ස්....

       ෆෝන්ස් නම් ඉතිං අනන්තයි අප්‍රමාණයිනෙ.මේ අනන්ත අප්‍රමාණ වූ ෆෝන්ස්, වර්ග 3ක් යටතේ බෙදන්න පුලුවන්.  
  
 1.මෙලොවට ඇති ෆෝන්ස් 
        
 2.එලොවට,මෙලොවට දෙකටම ඇති ෆෝන්ස්                                   

 3.එලොවටත් නැති මෙලොවටත්  නැති කොටින්ම කිව්වොත් මෙලෝ රහක් නැති ෆෝන්ස්   
    
     ඉතිං මෙලොවට ඇති ෆෝන්ස් තමයි සැම්සුන්ග් වගේ එව්වා.ඒවා හැබැයි ඉතිං එලොවට ගෙනියන්න බෑ.මොකද,අයිතිකාරයා එලොව ගිහින් එතනින් ආයෙ වෙන එලොවකට යනකනුත් ඒ ෆෝන්ස් මෙලොව ම තමයි ඉතිං.ගොළුබෙලි තියරිනෙ.     
        එලොවට මෙලොවට දෙකට ම තියෙන ෆෝන්ස් තමයි ඉතිං අයිෆෝන්ස්.ඇයි ඉතිං එලොවදි උනත් හෙන ගැම්මෙන්  ඉන්න පුලුවන්නෙ මෙලොවදි අයිෆෝන් එකක් තිබ්බෙ කියලා.    
       එලොවට මෙලොවට දෙකට ම නැති, මෙලෝම රහක් නැති ෆෝන්ස් තමයි ඉතිං කවදත්දෙයියනේ කියලා ඒ ගෞරවය තනි අලියෙක් වගේ රැකගෙන ඉන්න ජනෙල් ෆෝන්ස්
    ජනෙල් ෆෝන්කාරයෙක්ගේ දුක තේරුම් ගන්න ඔයාලා කාටවත් බෑ.ඒ බුර බුරා නැඟෙන දුක් ගින්න තේරුම් ගන්න පුලුවන් තවත් එක් ජනෙල් ෆෝන්කාරයෙක්ට ම විතරයි.ඔයා ජනෙල් ෆෝන්කාරයෙක් නෙවෙයි නම්,ඒ දුක තේරුම් ගන්නෙ මේං මෙහෙමයි.ඔයාගෙ ජීවිතේ ගොඩක්ම දුක් වුණු සිද්ධියේ දුක ප්‍රමාණය 2න් වැඩි කරලා ඒ උත්තරේ 25හේ වර්ගය අරන් ඒ එන උත්තරේට 10000ක් එකතු කරලා ආයෙ 78න් වැඩි කරන්න.ආන්න එතකොට ඔයාලට ජනෙල් ෆෝන්කාරයෙක්ගේ දුකෙන් කන් හැන්දක දුක දැනගන්න පුලුවන්. 
     පිස්සියක් වුණත් මට එක උතුම් ප්‍රර්ථනයක් තියෙනවා.ඒ තමයි,මැරෙන්න කලින් ජනෙල් ෆෝන්සුත්,අඩුම තරමේ සැම්සුන්ග් ෆෝන්ස් වගේවත් ෂෝයි වේවා කියන ප්‍රාර්ථනාව.මේ මොන දේ කිව්වත් අන්තිමට  ම කියන්න වෙන්නෙ මේං මේකයි.
      "තියෙන්නෙ එක ජනෙල් ෆෝන් එකයි,ඒකට ආදලෙයි පැලෙන්න."

                                                       

18 comments:

  1. Replies
    1. මගේ දුකනෙ මේ..ස්තූතියි😆

      Delete
  2. Replies
    1. Yeah..it's better than ජනෙල් ෆෝන්ස්😆

      Delete
  3. ජනෙල් ෆෝන්ස්වල අගේ ඉතින් ඔයා තරම් කවුද වෙන දන්නෙ,,, I like it..

    ReplyDelete
    Replies
    1. අන්නේකයි..මං ඒ අගේ හොඳට දන්නවා..

      Delete
  4. Ammoo eka nam niyamai ���� ජනෙල් ෆෝන්ස්

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. දුක දන්නෙ වෙන කවුද
    දුලියා තරම්...��
    Anyway funny article bn...

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඒකට නම් හිත රිදුණා 😆
      Thank you dakshi..😘

      Delete

මොනාලිසාගෙන් පැණයක්..

ජීවත් වෙලා ඉන්න අපිට විතර ද ප්‍රශ්න තියෙන්නෙ?මැරුණු අයට,කලාකෘතිවලට ප්‍රශ්න නැද්ද? මොනාලිසා කියන කෙනාටත් ඒ වගේ ප්‍රශ්න නැති වෙන්න බෑනෙ.අව...